ආපදාවට පත් ප්‍රදේශවල ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත් ඒ හේතුවෙන් එම ස්ථානවල දිය නෑමෙන් සහ විනෝද වීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු පැවසුවේ අධික වර්ෂාවත් සමඟ පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසයි.
“රතු නිවේදනයක් ලබා දී ඇති සෑම මොහොතකම වහාම ඉවත් වීමට කටයුතු කරන්න” ඔහු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය.












