දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කිරීමට රක්ෂණ සමාගම් පියවර ගනී

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ රක්ෂිත අවදානම්වලට අදාළ හිමිකම් ගෙවීම් කඩිනම් කිරීමට රක්ෂණ සමාගම් එකඟ වී තිබේ.

පසුගිය 03 වැනිදා රජයේ සහ නියාමන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට අනුව බලපෑමට ලක් වූ රක්ෂණ ඔප්පු හිමියන්ට කාලෝචිත සහනයක් ලැබෙන බව සහතික කිරීම සඳහා හිමිකම් පියවීම් වේගවත් කිරීමට සහ පරිපාලන ප්‍රමාදයන් ඉවත් කිරීමට රක්ෂණ සමාගම් පොරොන්දු වී ඇත. විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා පියවීම් ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

තම රක්ෂණ සමාගම් වෙත ළඟා වීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන රක්ෂණ ඔප්පු හිමියන්ට 077 241 8511 හරහා සහාය සඳහා ශ්‍රී ලංකකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

මෙම සාකච්ඡාවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් සහ එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website