ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්ව මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුදායක තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩසටහන පිළිබඳව අස්ගිරි මහා නා හිමියන් දැනුවත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි සාකච්ඡාවක නිරත විය.















