29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් අද (05) දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී දරු ප්‍රසූතියක් සිදු කළාය.
ඇය ඩුබායි සිට 8D-822 දරන ෆිට්ස් එයාර් ගුවන් යානයෙන් පැමිණ ඇති අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත සම්බන්ධක ගුවන් ගමන සඳහා ගුවන්තොටුපළ ප්‍රවාහන පර්යන්තයේ රැඳී සිටියදී ඇයට ප්‍රසව වේදනාවක් ඇති විය. ඇයව වහාම කටුනායක ගුවන්තොටුපළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද අතර, එහිදී වෛද්‍යවරුන් සහ හෙදියන් ඇයට නිරෝගී පිරිමි ළමයෙකු ප්‍රසූත කිරීමට සහාය විය.











