අල්ලස් කොමිසමේ ව්‍යාජ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු පසුගිය දා (03) අත්අඩංගුවට ගත් බව එම කොමිෂම අද (05) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගොරකපොළ පදිංචිකරුවෙකු වන සැකකරු පානදුර බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගත් බවත් කොමිෂම නිවේදනය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website