ජනපති සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

කර්මාන්ත අංශයට සිදු වූ හානිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (04) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.

ආපදා තත්ත්වය හේතුවෙන් කර්මාන්තවලට සිදු වූ හානි පිළිබඳ සංඛ්‍යා නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අතර කර්මාන්ත අංශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක් ද ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.

කර්මාන්තකරුවන්ට මේ අවස්ථාවේ දී ලබා දිය හැකි සහන පිළිබඳව ද මෙහිදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් ඉදුනේත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම, සභාපති ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශක දුමින්ද හුලංගමුව, සභාපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, තාක්ෂණික සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් අබේසේකර, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.පී.කේ. යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website