ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (04) දින පස්වරු 09.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් අද දින පස්වරු 09.00 වන විට මිය ගිය සංඛ්‍යාව 486ක් බවත් පුද්ගලයින් 341 දෙනකු අතුරුදන්වී ඇති බවත් සදහන් කරයි.
පවුල් 519, 842කට අයත් පුද්ගලයින් 18,44,055ක් පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත නිවාස 1231ක පවුල් 50,023කට අයත් පුද්ගලයින් 171,778ක් නවාතැන් ගෙන සිටින බව ද එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.
ආපදා තත්ත්වයෙන් නිවාස 2303ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර නිවාස 52,489ක් අර්ධ වශයෙන් විනාශයට පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ එම නිල නිවේදනය පහත පළ වේ.












