ජනාධිපති අනුර ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ලුණුවිල, වෙනප්පුව ප්‍රදේශයේ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ගුවන් නියමු සමූහ කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

අද (04) දින රත්මලානේ පිහිටි ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති නිවසට ජනාධිපතිවරයා ඒ මහතාගේ බිරිඳ, දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ පවුලේ සියලුම සාමාජිකයින්ට සිය බලවත් ශෝකය පළ කළේය.

සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිකොන්ත යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website