
ඊසානදිග මෝසම ගැන කලබල වීමට කිසිදු හේතුවක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඉදිරි දින කිහිපය තුළ ඊසාන දිග මෝසම් වර්ෂාව වඩාත් සක්‍රීය වනු ඇතැයි අපේක්ෂා කළ ද එය තද වැසි ඇති නොකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරි අනාවැකිකරු උදේනි වීරසිංහ මහත්මිය පැවසුවාය.
මේ අතර, ශ්‍රී ලංකාව අවට තවත් පීඩන අවපාතයක් වර්ධනය වන බවට පැතිර යන කටකතා ඇය දැඩිව ප්‍රතික්ෂේප කළාය.
“බිය වීමට හේතුවක් නැහැ,” උදේනි වීරසිංහ මහත්මිය ජනතාවට දැනුම් දුන්නාය.
“සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය තුළ ඊසානදිග මෝසම් සක්‍රීය වෙනවා. එය සාමාන්‍යයෙන් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ සවස් කාලයේ වැසි ඇති කරන අතර සමහර විට ඌව දක්වා ද පැතිර යනවා” ඇය වැඩි දුරටත් පැවසුවාය.












