රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන්ට සහන කාලයක් ප්‍රකාශයට පත් කරයි

දිවයිනටම බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන්ට 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ළඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවය.

ඒ අනුව, ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website