නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කරයි.
වර්තමානයේ පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
අසාධාරණ ලෙස භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කරන බව ද එවැනි ව්‍යාපාරිකයින් සිටින්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෘජුව අමතා තොරතුරු ලබා දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
භාණ්ඩ සාධාරණ ලෙස අලෙවි කරන්නේ ද බෙදා හරින්නේ ද යන්න පිළිබඳව සිය නිලධාරීන් අඛණ්ඩව නීරීක්ෂණය කරන බවත්, එසේ නොමැති වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.















