ආපදා මරණ සංඛ්‍යාව 334 දක්වා ඉහළට – පුද්ගලයින් 370ක් අතුරුදන් – පුද්ගලයින් 1,118,929ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (30) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයේ සහන් වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 64ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක් හා කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website