
මාවිල් ආරු ජලාශය පිටාර මටිටමට පැමීණ ඇති අතර මාවිල් ආරු පහළ නිම්නයේ පිහිටා ඇති නීල බැම්ම ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නීල බැම්ම ඉවුර කැඩී යාමේ අවදානමක් පවතින බැවින් නීල බැම්ම ජලාශයේ පහළ නිම්නයේ ජනතාව සුරක්ෂත ස්ථාන කරා ගමන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වෙයි.











