අධික වැසි අඩු වුණත් ගංවතුර හා නාය අවධානම තව දුරටත් තිබෙනවා – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

අධික වැසි තත්ත්වය පහව ගිය ද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ  විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ක්‍රමයෙන් පහළට ගමන් කරන බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේ දී  ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කම ද කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website