
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) දින පස්වරු 06.00ට නිකුත් කළ යාවත් කාලීන කිරීමක සඳහන් වේ.
මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබෙන අතර පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.







