නොවැම්බර් මස 29 දිනය සඳහා කාලගුණ අනාවැකිය: මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි

Sri Lanka Weather Map

2025 නොවැම්බර් මස 28 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.

“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින පෙ.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 30 km ක් නිරිත දෙසින්, අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 81.0°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවති. උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website