රුපියල් ට්‍රිලියන දෙකක බදු උපයා ගත් ආකාරය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් හෙළි කරයි

2025 වසර තුළදී බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණු බව   දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

පසුගිය සතිය තුළ ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවූ ආදායමක් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව ද ඇය මෙහි දී සිහිපත් කළය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවේ අද (24) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙරට ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබී වර්තමානයේ ආර්ථිකය ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක මෙම වර්ෂය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය වසරට සාපේක්ෂව වඩා වැඩි ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ බව පැවසූ ඇය මෙම අවස්ථාව වන විට සම්පූර්ණ වශයෙන්ම රුපියල් බිලියන 2080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන ඇතැයි ද පැවසුවා ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ බදු අනුකූලතාවය වැඩිදියුණු කිරීම යන විෂය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් පවත්වා ගනිමින් මෙම ආදායම් ඉලක්කය වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ළඟා වුණු බව ද ඇය සඳහන් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website