ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනාටම හිංසාවෙන් තොරව ජීවත්වීමට අයිතියක් ඇති බවත් අනෙකාව හිංසනයට ලක්නොකර ජීවත්වීම අපේ වගකීමක් වන බවත් එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කළේය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 වැඩසටහන අදින් ආරම්භ වන අතර එය දෙසැම්බර් 10 දක්වා පැවැත් වේ.
මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව ද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ලෙස ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බව ලෝකයම පිළිගන්නා කාරණයක් වන බවයි.
ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවයෙන් ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් යන්න පදනම් කර ගනිමින් 1991 වසරේ පටන් මේ පිළිබඳව ලෝකය පුරාම සාකච්ඡාවට ලක්ව ඇති බව ද ඇය එහිදී සඳහන් කළාය.
ඩිජිටල් අවකාශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගෙන හිංසනය පිටු දැකීම එනම් තාක්ෂණය භාවිතයෙන් සිදුවන හිංසනයන් වළක්වා ගැනීමට මෙම වසර නම් කර ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා ය.
ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනාටම හිංසාවෙන් තොරව ජීවත්වීමට අයිතියක් ඇති බවත් අනෙකාව හිංසනයට ලක්නොකර ජීවත්වීම අපේ වගකීමක් වන බවත් එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
දේශපාලනික වශයෙන් පරස්පර මත, එකිනෙකාට තිබිය හැකි වුව ද අනෙකාගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින්, ඔවුන් හිංසනයට ලක්වන අයුරින් වෛරී ප්‍රකාශ සිදු කිරීම නතර කිරීම පාර්ලිමේන්තුව තුළින් ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරිය මෙහි දී අවධාරණය කළාය.











