ශ්‍රී ලංකාවේ අවම වන අලි ගහනය 7451 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 2021 ට සාපේක්ෂව අලි 1572ක සමස්ත වැඩිවීමක් පෙන්නුම් කරන බවත් පරිසර අමාත්‍යාංශය විසින් ඊයේ (22) නිකුත් කරන ලද නවතම දත්ත වලින් හෙළි වෙයි.
1993, 2011 සංගණන දත්ත සහ 2024 රටපුරා සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් මෙම සංඛ්‍යාලේඛන සකස් කළ බව පරිසර අමාත්‍යාංශය පැවසුවේය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සංඛ්‍යා වගකීමෙන් යුතුව සහ සන්දර්භය තුළ අර්ථ නිරූපණය කළ යුතුත් වන අලි ගහනය ඉහළ යාමේ ප්‍රවණතාවය දිරිගන්වන සුළු වුවත්, සංරක්ෂණ ප්‍රතිඵලවල දියුණුවක් එයින් පෙන්නුම් නොකරන බවයි.
2011 දී 8.4% ක් වූ තරුණ ඇතුන්ගේ ප්‍රතිශතය මේ වසරේදී 17.6% දක්වා තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන අතර එය 9.2%ක වර්ධනයකි. මුළු ඇතුන්ගේ ප්‍රතිශතය 0.5%ක සුළු වැඩිවීමක් පමණක් පෙන්නුම් කර ඇති අතර එය 6.0% සිට 6.5% දක්වා වැඩි වී තිබේ.











