
පාකිස්ථානයේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණනයේ අද (22) පැවැති තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.
ජනති ලියනගේ නොදැවී ලකුණු 41ක්, කුසල් පෙරේරා ලකුණු 25ක් සහ කමිල් මිෂාරා ලකුණු 22ක් රැස් කළේය. Mohammad Nawaz ලකුණු 16කට කඩුළු තුනක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය තමා සතු කර ගත්තේය.
පාකිස්තානය වෙනුවෙන් Sahibzada Farhan නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර Saim Ayub ලකුණු 20ක් හා Babar Azam ලකුණු 16ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 29කට කඩුළු 2ක් දවා ගත් අතර දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.














