තොරතුරු පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැත – කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත්ය – සාධාරණ සමාජය

තොරතුරු පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැති බවත් කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත් බවත් සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

තොරතුරු පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැත – කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත්ය – සාධාරණ සමාජය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතට අවශ්‍යව ඇත්තේ සංශෝධන නොවන බව ය. සැබෑ අවශ්‍යතාවය වන්නේ මේ වන විටත් තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ය.

වාර්තා වන ආකාරයට මේ වන විට තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවයන් අතර සම්පත් හිඟය සහ තනතුරු ගණනාවක්ම පුරප්පාඩු වී පැවැතීම ප්‍රමුඛ වේ. එමෙන්ම මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති කරුණු පිළිබඳව රජයේ ඇතැම් අංශ විසින් තොරතුරු ලබා නොදීම මඟින් තොරතුරු කොමිසම අවතක්සේරු කරන සිදුවීම් වාර්තා වීම ද කිසිසේත්ම යහපත් නොවේ. දූෂණ විරෝධි ක්‍රියාවලිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය මඟින් ලැබෙන සහාය රජය අගය කල යුතුය.

ඇත්ත වශයෙන්ම රජය අවධානය යොමුකල යුත්තේ එවැනි කරුණු පිළිබඳව ය. එම අවධානය නොපමාවම යොමුකරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

සුනිල් ජයසේකර, මහලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

2025.11.18

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website