සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව පාකිස්ථාන හමුදා ප්‍රධානීගේ ඍජු අධීක්ෂණය යටතට

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව පාකිස්තානයට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වූ බව නීති අමාත්‍ය අසාම් නසීර් ටාර් සෙනෙට් සභාවට පැවසීය. ක්‍රිකට් සංචාරය දිගටම කර ගෙන යාමේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය සහ නිර්භීතකම අගය කරමින් සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සහතික කර ඇති බව පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පවසයි. මේ සම්බන්ධයෙන් පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් විසින් සහතිකයක් ලබාදී ඇති බව ද නක්වි පැවසුවේය.

ඉස්ලාමාබාද්හි මෑතකදී සිදු වූ ආරක්ෂක සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා නිලධාරීන් කනස්සල්ල පළ කිරීමෙන් පසුව මෙම සහතිකය ලැබුණි. මෙම කාරණය ශ්‍රී ලංකා නායකයින් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කළ බව නක්වි පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වූ බවත්, දෙපාර්ශ්වයම ආරක්ෂක විධිවිධාන විස්තරාත්මකව සමාලෝචනය කළ බවත් නක්වි තවදුරටත් පැවසීය. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තහවුරු කළේ, සංචාරක කණ්ඩායමේ ආරක්ෂක ගැටගු හමුදා ප්‍රධානියා ඇතුළු පාකිස්තාන නායකත්වය විසින් පුළුල් ලෙස විසඳා ඇති බවයි.

සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකාව ගත් තීරණයට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රශංසා කළ අතර, එය පාකිස්තානය කෙරෙහි ධෛර්යය සහ විශ්වාසය පෙන්නුම් කිරීමක් ලෙස හැඳින්වීය. ඉස්ලාමාබාද්හි මෑත කාලීන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථානය දක්වා දිවෙන බවත්, එය අඛණ්ඩ කලාපීය ආරක්ෂක අභියෝග ඉස්මතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව පාකිස්තානයට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වූ බව නීති අමාත්‍ය අසාම් නසීර් ටාර් සෙනෙට් සභාවට පැවසීය. ක්‍රිකට් සංචාරය දිගටම කර ගෙන යාමේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය සහ නිර්භීතකම අගය කරමින් සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

යෝජනාව අනුමත කිරීම සම්බන්ධයෙන් නක්වි සෙනෙට් සභාවට ස්තූතිය පළ කළ අතර, එය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වයක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් පිළිබිඹු කරන බව අවධාරණය කළේය. ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රිකට් සංචාරය සිදුවනු ඇත.

Daily Times  ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website