
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) උදෑසන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක සේවකයින්ට සෘජු වෛද්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා නීති විරෝධී ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කිරීම තුළින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.











