අයවැය කතා: නාමල් රාජපක්ෂ ආණ්ඩුවට කළ අභියෝගය

මෙවර අය-වැය යෝජ­නා­ව­ලින් සිය­යට 50ක්වත් ඉටු කර පෙන්වන ලෙස නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) ආණ්ඩුවට අභියෝග කළේය.

අයවැය දෙවැනි වර කියවීමේ දී විවාදයේ දී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය, “එදා අපි අධි­වේගී මාර්ග හදන විට ඔබ විරුද්ධ වුණා. අද ඔවුන් අධි­වේ­ගය හද­න­වාලු. අනේ හොඳයි. හදන්න. එදා ඔයාලා විරුද්ධ වුණේ නැත්නම් අද වන විට මේ අධි­වේගී මාර්ග හදලා ඉව­රයි. එදා පෝට් සිටි එක හදන විට සීගි­රි­යත් කඩන්න වෙයි කියලා කීවා. හැබැයි සීගි­රිය කැඩුවේ නැහැ. අද­ටත් තිබෙ­නවා. අද වන විට පෝට් සිටිය මෙරට ආර්ථි­කයේ කේන්ද්‍ර­ස්ථා­නය වෙනවා. රටේ ගිණුමේ ට්‍රිලි­ය­න­යක් තිබෙ­න­වාලු. එහෙම තියෙ­නවා නම් උක් ගොවි­යාට, අල ගොවි­යාට, ලූනු ගොවි­යාට සහන නොදෙන්නේ ඇයි ?. පොලී ගෙව ගෙවා ට්‍රිලි­ය­න­යක් ගිණුමේ තියා­ගෙන ඉන්නවා. ඒකෙන් හම්බ වෙන්නෙත් බිලි­යන 150 යිලු. ඒක ගන්න දුප්පත් මනු­ස්ස­යාගේ සල්ලි ටික ගිණුමේ දාගෙන ඉන්නවා.

ඩබල්කැ බ්ම එක්ද­හස් ගණ­නක් ගෙන්නන්න ආණ්ඩුව තීර­ණය කර තිබෙ­නවා. බේත් ගේන්න ඒවාට මේවාට සල්ලි නැහැ කිය­නවා. නමුත් කැබ් ගේන්න සල්ලි තියෙ­නවා. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එක අයින් කර­නවා කියා බල­යට පත්වුණේ. නමුත් අද වන විට අයි.එම්.එෆ්. එකට ඉතාම පක්ෂ­පා­තීව කට­යුතු කර­නවා. ආණ්ඩුව පොහො­සත්. මිනිස්සු දුප්පත්. වතු කම්ක­රු­වාගේ පඩි වැඩි කරන්න ඕනෑ. වතු කම්ක­රු­වාගේ පඩි වැඩි කරන්න ව්‍යාපා­රි­ක­යාට ආණ්ඩු­වෙන් ගෙව­නවා. මේවා මාර අමුතු න්‍යායන්. ආයෝ­ජ­ක­යන් රටට ගෙන්නා ගන්න. ඔවුන්ට ඉඩම් දෙන විට අපි විරුද්ධ වෙන්නේ නැහැ. දුප්ප­තාගේ පොකට් එකට ගහලා පොහො­ස­තාට සහන දෙන වැඩ­පි­ළි­වෙළ නව­ත්වන්න“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website