ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට යළි පත්වෙයි
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා හිටපු දියවඩන නිලමේවරයා වූ වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑළ අද (07) යළිත් තේරී පත්විය.
මේ සමඟ ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රී දළදා මාලිගාවේ තෙවරක් දියවඩන නිලමේ ධූරයට පත්වූ පළමු වැන්නා බවට ඉතිහාස ගත විය.
2005 වසරේදී මුල් වරට දියවඩන නිලමේ ධූරය සඳහා තේරී පත්වූ ඔහු 2015 වසරේ පැවති නිලවරණයෙන් ද ජයගෙන ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා බවට පත්විය.
මෙවර නිලවරණයට ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයකු වන ගාමිණී කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ හා සතර මහා දේවාලවල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන සහ යුද්ධ හමුදා විශ්‍රාමික කර්නල් නන්ද මඩුගල්ලේ ඇතුළු 7 දෙනෙක් ඉදිරිපත් වූහ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සිය මව (වම) සහ පියා (දකුණ) සමග












