සංවර්ධන අයවැය 2026 – රටට සහ ඔබට හිමිවන ප්‍රතිලාභ මෙන්න !

ජාතික ජන බලවේගය රජයේ 2026 වර්ෂයට අදාළ අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

‘සංවර්ධන අයවැය’ යන තේමාව යටතේ මෙවර අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ  මේ වන විට විනිමය අනුපාතය ස්ථාවර  වී ඇති බවයි. උද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරන බවත් උද්ධමනය ධන අගයකට පැමිණ  ඇති බවත් ජනපතිවරයා පැවසිය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2026 අයවැය කතාවේ වැදගත් උපුටා ගැනීම් පහත දැක්වේ.

මෙරට තිබෙන මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන  31,000ක්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක් වශයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

අද වන විට ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ධනාත්මක සාධක පෙන්නුම් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට රජය කටයුතු කළ බවත්, බදු ගෙවන හැම රුපියලකටම වග කියන බවද ජනපතිවරයා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. කොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටින බවත්, විරැකියාව පහත දමන්නට හැකියාව ලැබී ඇතැයි ද ජනපතිවරයා පැවසිය.

අද වන විට විරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් සියයට 20 මට්ටමට ගෙන ඒම  රජයේ අරමුණ බව ද කීවේය.

සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරන බවත් මෙවර අයවැය හිඟය 5.2 දක්වා අඩු කරන බවත් ජනපතිවරයා කීවේය.

ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන බව කී ජනපති අනුර කුමාර දිසානායක මහතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය ආයතන නැවත ගොඩ නැගීම ආරම්භ කර ඇතැයිද  පැවසීය. 2026 අය වැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන් රූපවාහිනී සේවය යන ආයතනවල මෙහෙයුම් සහ අත්‍යාවශ්‍ය මූලධන මෙහෙයුම් සඳහා අයවැයෙන් මුදල් වෙන් කරන බවත් ජනමාධ්‍යකරණයේදී අවශ්‍ය නව තාක්ෂණය, මාධ්‍යවේදීන් පුහුණු කිරීම්, ශිෂ්‍යත්ව, මාධ්‍ය උපකරණ සහ  මාධ්‍යවේදීන් සඳහා නිවාස ලබා දීම කරන බවත් ජනපතිවරයා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website