සුනාමි පෙරහුරුවට සියල්ල සූදානම් – ආපදා කළමනාකරණයෙන් විශේෂ දැනුම් දීමක්

සුනාමි පෙරහුරුව පැවැත්වෙන ග්‍රාමනිලධාරී වසම්වල ජනතාවට මින් පෙර ඒ පිළීබඳව දැනුවත් කිරීම් සිදු කර ඇති බව සඳහන් කළ කොටුවේගොඩ මහතා වැඩසටහන පැවැත්වෙන කාලය තුළ මාර්ග වසා තැබීමක් සිදු නොකෙරන අතර අනවශ්‍ය මාර්ග තදබදයක් ඇති වීම වැළැක්වීමට පොලීසිය කටයුතු කරන බව ද සඳහන් කළේය.

සුනාමි පෙරහුරු වැඩසටහන සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්

සුනාමි පෙරහුරු වැඩසටහන සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්

‘ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය’ට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IOWave ) හෙට (05) පෙරවරු 8.30 දිස්ත්‍රික්ක හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම , සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි වලංගු කිරීම සහ ප්‍රජාව සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩිදියුණු කිරීම මෙම පෙරහුරු වැඩසටහනේ අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් 28ක් හෙට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාව සුමාත්‍රා කලාපයට බලපාන සුනාමි තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම වැඩසටහනේදී පෙර පුහුණුවීම් සිදු කරන බව ද සඳහන් කළේය.

මෙම වැඩසටහන පෙරහුරු වැඩසටහනක් පමණක් බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් ඒ මහතා විශේෂයෙන් එහිදී අවධාරණය කළේය.

යුනෙස්කෝ නිල මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහුරු වැඩසටහන අධීක්ෂණය සඳහා අන්තර්ජාතික නිරීක්ෂකයන් දෙදෙනෙකු සහභාගී වන බව සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට සූදානම් රටක් ලෙස නම් කිරීම ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.

මඩකලපුව , ගාල්ල, යාපනය සහ කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් පහකදී මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එදිනට සැබෑ සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් මෙම වැඩසටහන වහාම නතර කර ඒ පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීමට අවශ්‍ය නිල ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කර ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරන බවත් කොටුවේගොඩ මහතා පැවසුවේය.

සුනාමි පෙරහුරුව පැවැත්වෙන ග්‍රාමනිලධාරී වසම්වල ජනතාවට මින් පෙර ඒ පිළීබඳව දැනුවත් කිරීම් සිදු කර ඇති බව සඳහන් කළ කොටුවේගොඩ මහතා වැඩසටහන පැවැත්වෙන කාලය තුළ මාර්ග වසා තැබීමක් සිදු නොකෙරන අතර අනවශ්‍ය මාර්ග තදබදයක් ඇති වීම වැළැක්වීමට පොලීසිය කටයුතු කරන බව ද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website