දේශීයව නිෂ්පාදනය කරන සියලුම ක්ෂණිකව සකස් කළ හැකි පලතුරු බීම වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) ලබා ගැනීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ජාතික ආහාර පාන සහතික කිරීමේ අවශ්‍යතාවට අනුකූලව පාරිභෝගිකයින් සඳහා නිෂ්පාදන ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සහතික කිරීම මෙහි අරමුණ වන බව පාරිභෝගික සේව අධිකාරිය වැඩි දුරටත් පවසයි.
ක්ෂණිකව සකස් කළ හැකි ආනයනික පලතුරු පාන වර්ග සඳහා ආනයනික පරීක්ෂාව යටතේ අදාළ නිෂ්පාදන විකිණීම සඳහා අනුමැතිය ලබාගත යුතු බව ද පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරයි.











