වසරේ විශාලතම සුපිරි සඳ අද රාත්‍රියේ දිස්වේ

අද (03) රාත්‍රියේ සුපිරි සඳක් දිස්වන බවත් එය සාමාන්‍ය පුර පසළොස්වක පොහොයකට වඩා සැලකිය යුතු ලෙස විශාල හා දීප්තිමත් බවත් ආතර් සී. ක්ලාක් ආයතනය නිවේදනය කරයි.

ආතර් සී. ක්ලාක් ආයතනය පැවසුවේ අද රාත්‍රියේ දිස්වන සුපිරි සඳ වෙන දිනවලට වඩා 14% ක් පමණ විශාල වන අතර දළ වශයෙන් 30% ක් පමණ දීප්තිමත්ව බබළන බවයි.

මෙවැනි සිදුවීම් වසරකට කිහිප වතාවක් සිදු වන බව ද එම ආයතනය පවසයි. වසරේ විශාලතම සුපිරි චන්ද්‍රයා නිසා වෙරළබඩ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා ඉහළ වඩදිය බාදිය ඇති විය හැකි බව ද ආතර් සී. ක්ලාක් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website