පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව අවධානයෙන් පසුවන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන බෝග වන බඩ ඉරිඟු, ලොකු ළුෑනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත කරන ලද නමුත් මේ වන විටත් එම වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව නිශ්චිතව වාර්තා වී නොමැති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ගොවීන් හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
වී වගාව සඳහා හානි සිදුවූ විට රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් අක්කර 05ක උපරිමය දක්වා වන්දි ගෙවීම සිදුකරන අතර බඩ ඉරිඟු, ලොකු ළුෑණු, අර්තාපල්, මිරිස් සහ සෝයා යන භෝග සඳහා අක්කර 2.5ක් දක්වා රජය විසින් නොමිලේ වගා හානි වන්දි ගෙවීම සිදුකරන අතර මීට අමතරව අනෙකුත් භෝග සඳහා සිදුවන හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණ ආවරණ ලබා ඇති ගොවීන්ට එම වගාවන්ට සිදුවන හානි සඳහා ද වන්දි ගෙවීම් සිදුකරන බව ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.











