i ROAD 2 – 5 වන කොටස සඳහා ADB මූල්‍ය ආධාර

ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර 2025 ඔක්තෝබර් 31 වන දින කොළඹ මහා භාණ්ඩාගාරයේ දී විධිමත් පරිදි ණය ගිවිසුම සදහා අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තබන ලද අතර, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්   එහි  ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ, ටකාෆුමි කඩෝනො මහතා අත්සන් තබන ලදී.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) – 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත. තෝරාගත් ග්‍රාමීය ප්‍රජාවන් සහ ප්‍රධාන සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මගින් මාර්ග ප්‍රවාහන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම මෙන්ම ජාතික මාර්ග නියෝජිත ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ADB වෙතින් මෙම ණය මුදල, වැඩිහිටියන්, කාන්තාවන්, ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළත් සහ ඔවුන්ට හිතකර වන ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 500 ක් පමණ සියලුම කාලගුණික, දේශගුණික – ප්‍රතිරෝධි ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් ජාතික මාර්ග කිලෝමීටර 21 ක් පමණ පුනරුත්තාපනය කිරීම සහ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර් 100 ක් නඩත්තු කිරීම සදහා පහසුකම් සපයනු ලබයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහනේ විධායක ආයතනය ලෙසත්, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙසත් කටයුතු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website