දකුණු ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් බැතිමතුන් 09ක් මරුට

ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයක් වන ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීකාකුලම් නගරයේ ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ අද (සෙනසුරාදා) අලුයම ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

හින්දු භක්තිකයන් සුබ දිනයක් ලෙස සලකන ඒකදෂි දිනයේදී ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ බැතිමතුන් පිරී ඉතිරී යාමේදී මෙම තෙරපීම සිදු වූ බව ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති පවන් කල්‍යාන් පැවසීය.

“ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබේ,” කල්‍යාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම කෝවිල පෞද්ගලික පුද්ගලයින් විසින් පවත්වාගෙන ගිය බවයි.

දෙදහසකට පමණ නවාතැන් ගත හැකි දේවමාළිගාවට බැතිමතුන් 25,000 ක් පමණ එක්රැස් වීම නිසා මෙම තෙරපීම ඇති වූ බව රාජ්‍ය අමාත්‍ය ආනම් රාමනාරායන රෙඩ්ඩි වැඩිදුරටත් පැවසූ අතර, තුවාල ලැබූවන්ට වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස දිස්ත්‍රික් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website