තෙවන ඇසට සුවය සදමු: ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ අක්ෂි සායනයක්

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන “තෙවන ඇසට සුවය සදමු” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ අක්ෂී සායනයක් අද (01) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී ආරම්භ කෙරිණි.

වත්මන් රජයේ සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහනට අනූව මෙරට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන  “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකවන තවත් වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳන්වනු ලබයි.

සියලුම ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර බලා ප්‍රතිකාර සිදුකිරීම, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවන මාධ්‍යවේදීන් ප්‍රධාන රෝහල්වල සායන වෙත යොමුකිරීම, වෛද්‍ය උපදෙස් ලබා දීම මෙන්ම පසුවිපරම් කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණු වේ.

අක්ෂි විශේෂඥ සංගමයේ  විශේෂ දායකත්වය මත පැවැත්වෙන මෙම සායනය සදහා  ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් අක්ෂි පරීක්ෂාකර ගැනීම සඳහා එක් වූ අතර විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සියලු වෘත්තීන් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තියන් මෙම විශේෂ සායනය සදහා සිය දායකත්වය ලබාදෙනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website