මෙම වසරේ පළමු මාස 9 තුළදී වාහන ආනයන බද්දෙන්, රජය රුපියල් බිලියන 349ක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව එය සියයට 800ක ප්රතිශතයකටත් වඩා වැඩි වර්ධනයකි.
වාහන ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස 9දී රජයට වාහන ආනයන බද්දෙන් උපයා ගැනීමට හැකියාව ලැබී තිබුණේ රුපියල් බිලියන 38ක් පමණි.
මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව ශ්රී ලංකාව මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව පළමු මාස 8 දී ඩොලර් මිලියන 918ක් වාහන ආනයනය සඳහා වැය කර තිබුණි.
ඇම්. ඩී. ධර්මසිරි
වාහන ආනයන බදු ආදායමේ වැඩි වර්ධනයක්








