හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුට ගනු ලැබ, ඇප මත මුදාහැරි, ආන්දෝලනයකට තුඩුදුන්,
පොදු දේපල පනත යටතේ වන සිදුවීමට අදාළ නඩුව, හෙට (29) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවන බව වාර්තා වේ.
එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්යාලයක පැවති උපාධි ප්රදානෝත්සවයකට සහභාගීවීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැයකරමින් රජයේ මුදල් අවභාවිතා කළ බවට වූ පැමිණිල්ලකට අදාළව සීඅයිඩිය පරීක්ෂණ පවත්වන අතර එම විමර්ශනයේ ප්රගතිය දැනුම් දීම සඳහා මෙම නඩුව කැඳවෙන බව වාර්තා වෙයි.
මංජු කස්තුරිආරච්චි
- Loading stock data...







