ගම්පහ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුවක්

කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ගම්පහ දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන ” ව්යවසායකත්ව සංවර්ධන පුහුණු නේවාසික වැඩමුළුව (දින 08) ” වැඩසටහනේ මෙවර සමාරම්භය වේයන්ගොඩ සංස්කෘතික පුහුණු මධ්යස්ථානයේදී 2025.10.23 දින සනිටුහන් කරන ලදී.

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්රික් ලේක්ම් කාර්යාල කෘෂිකර්ම අධ්යක්ෂ සන්ධ්යා කුමාරි මහත්මියද, ක්රමසම්පාදන නියෝජ්ය අධ්යක්ෂ රංජිත් ප්රේමසිරි මහතා ද , කාර්මික සංවර්ධන මණ්ඩල නියෝජ්ය අධ්යක්ෂ සමින්ද රණතුංග මහතා ද , ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය බැංකු කළමනාකාරතුමිය ද ඇතුළුව ගම්පහ දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂවරුන් වන ඩබ්.අශෝකා වනිගනෙත්ති හා ශිමාලි පෙරේරා යන මහත්මීන් ද ඇතුළුව කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් ද සහභාගී වුණි.

ගම්පහ දිස්ත්රික්කයම ආවරණය වන පරිදි ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ තුළින් තෝරා ගත් ව්යවසායකින් 25 දෙනෙකුගෙන් සැදුම්ලත් පුහුණු කරුවන් පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වේ . මෙම වැඩමුළුව තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකයට වඩාත් ඵලදායී ව්යවසායක පිරිසක් එක් කරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන ඔක්තෝබර් මස 23 වන දින සිට 30 වන දින දක්වා වේයන්ගොඩ සංස්කෘතික පුහුණු මධ්යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ලක්ෂ්මී කරන්නාගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website