ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් පොලීසියට දොස්…!

ඊයේ ( 26) මහරගම නාවින්නේදී, මිදිගම ලසාගේ ඝාතනයට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුට ගැනීමේදී පොලීසියේ හැසිරීම විවේචනය කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර ඇත.
‘අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. සැකකරුවන් මාධ්ය ඉදිරියේ ප්රශ්නය කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්ය සහ සමාජ මාධ්ය හරහා බෙදා හැරීම මහ ජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්රියා මගින් පොලිසියේ කීර්තියට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ප්රශ්න පැන නඟින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එයි’. යනුවෙන් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website