කාලගුණය තවත් දරුණු වෙයි..!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවත් දරුණු අතට හැරිය හැකියැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවයි.
ඒ අනුව බොහෝ ප්රදේශවලට තද වැසි, තද සුළං සමඟ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ප්රකාශ කරන එම දෙපාර්තමේන්තුව දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තීව්ර වී බටහිර සහ වයඹ දෙසට ගමන් කරමින් ඇතැයි ප්රකාශ කරයි.
ඒ අනුව සවස් කාලයේදී මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වලට ලැබෙනු ඇති බව ප්රකාශ කරන එම දෙපාර්තමේන්තුව ගංවතුර සහ නාය අවදානම් කලාප තුළ ජීවත්වෙන පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතු යැයි අවධාරණය කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website