2025 වරායේ සිර වී තිබෙන ලුණු ප්‍රති අපනයනය කිරීමට ආනයනකරුවන්ට දැනුම් දේ

ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු ටොන් 23,500ක තොගයක් ප්රති අපනයනය කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ලුණු ආනයනය කිරීමට අවසර ලබාදුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්රතික්ෂේප කර ඇති අතර ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව සඳහන් වේ.
රට තුළ ඇතිවූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ සඳහා රාජ්ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද අවසර ලබාදී තිබුණි. කෙසේ වෙතත් ඒ සඳහා ලබා දී තිබූ කාලසීමාව පසුගිය ජූනි මස 10 දිනෙන් අවසන් වූ අතර එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්රමිතිය පිළිබඳ ගැටලු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුවේ පවතින බව සඳහන් වේ.
ලුණු ආනයනයට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත දිනයෙන් පසු ආනයනය කරනු ලබන ලුණු තොග යළි ප්රති අපනයනය කළ යුතුව පවතින බැවින් මෙම ලුණු තොග ප්රති අපනයනය සඳහා පියවර ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තව ආනයනකරුවන්ට දැනුම් දී ඇත.
එම දැනුම්දීම අනුව ඔවුන් කටයුතු නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර ලුණු මෙටි්රක් ටොන් 6000ක තවත් නෞකාවක් ද නඩු කටයුත්තක් හේතුවෙන් මේ වනවිට ත්රිකුණාමලය වරායේ රඳවා

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website