පළාත් සභා පනත සංශෝධනයෙන් පසු පළාත් සභා මැතිවරණය

පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව පළාත් සභා මැතිවරණය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද එකට පවත්වනවාද යන්න තීරණය කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
පසුගිය පළාත් සභා මැතිවරණයද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථාද තිබෙන බවද ඔහු කියා සිටියි. පළාත් සභා මැතිවරණය පැරණි ක්රමයට පැවැත්වීමට නම් පනතට එකතු කර තිබෙන සංශෝධන ඉවත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණය සඳහා ලබන වසර (2026) සඳහා රුපියල් බිලියන පහක හෝ හයක මුදලක් වෙන්කර තිබෙනවායි පවසන සභාපතිවරයා මැතිවරණය සඳහා මේ වසරටද මුදල් වෙන්කර තිබෙන බවත් මේ වසරේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් එම මුදල් යළි භාණ්ඩාගාරයට යවන බවද කියයි.

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website