අග්‍රාමාත්‍ය දීපවාලි සැමරුම් සුභ පැතුම් පණිවුඩය

මෙවර දීපවාලී දිනයේ දැල්වෙන පහන් ආලෝකය ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්රඥා ආලෝකයක් වේවායි අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය දීපවාලී දින සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නීය.
දීපවාලී උත්සවය සමරන ලෝකවාසී හා විශේෂයෙන්ම, ලංකාවාසී සියලු හින්දු භක්තිකයන් වෙත මාගේ සුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.
අද වන විට ශ්රී ලංකාව සුවිශේෂී හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝ කාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇතිව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් තම බලාපොරොත්තු හා විශ්වාසයන් අතදරා සිටින අවදියක් ලෙස මෙකී කාලපරාසය හැඳින්විය හැකිය.
ජනතාවගේ ප්රගමනය සහ නව යුගයක ඇරඹුම ඒකාබද්ධ ප්රයත්නයක් තුළින් අප අරඹා ඇත්තෙමු.
අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් ගැන අවධානය යොමු කොට ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගමු.
ගම් දනව් සිසිරා දල්වන දහස් සංඛ්යාත පහන් ආලෝකයෙන් සියලු ලාංකික සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්රඥාවේ ආලෝකය උදා වේවායි ප්රාර්ථනා කරමි.
‘සුභ දීපවාලී දිනයක් වේවා’

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website