කෙල්ලන්ට වඩා කොල්ලන්ට “ඒඩ්ස්” ලිංගික අධ්‍යාපනය දිය යුතුයි විශේෂඥයෝ කියති

2025 වසරේ පළමු කාර්තුව තුළ HIV වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 15ත් 24ත් අතර සංඛ්යාව තරුණයින්ගේ සංඛ්යාවට වඩා 15 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සෞඛ්ය බලධාරින් අනතුරු හඟවති.
ජාතික ඒඩ්ස් පාලන නව වාර්තාවට අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින් ඒඩ්ස් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට අවධාරණය කරන සෞඛ්ය බලධාරින් ඒ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇති බවට ප්රකාශ කරයි.
සෞඛ්ය අමාත්යාංශය මගින් නිකුත් කර ඇති 2025 පළමු කාර්තුව -HIV පිළිබඳ කාර්තු වාර්තාව අනාරවණය කර ඇති අන්දමට වයස අවුරුදු 15 -24 වයසේ පසුවන තරුණ තරුණියන් 32 දෙනකුට HIV වැළඳී තිබෙන අතර ඒ සංඛ්යාවෙන් 30 දෙනෙකුම තරුණයින් බව හෙළිදරව් කර ඇත.
එකම වයස් කාණ්ඩයේ පසුවන තරුණියන්ට වඩා 15 ගුණයකින්, තරුණයන්ට HIV ආසාදනය වී ඇති බවද අනාවරණය කරයි.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website