හාට්බීට් වැඩිකරන කරන්ට් බිලට ලංවිම ආයතන හතර සහනයක් වේද?

පසුගිය රජයන් කිහිපයක් යටතේ විදුලිබල මණ්ඩලය පාඩු ලබා ඇති අතර ඒ පාඩු සියල්ලම විදුලි පාරිභෝගිකයන් මත පටවන ප්රතිපත්තියක් ලංවිම අනුගමනය කළ අතර වත්මන් ආණ්ඩුව ඊට පිළියමක් වශයෙන් ලංවිම ආයතන හතරකට වෙන් කර රාජ්ය සමාගම් ලෙස පවත්වාගෙන යාමට ගත් තීරණය පිළිබඳ ලංවිම වෘත්තිය සමිති සැකමුසුව බලන තත්වයන් උදාවී ඇත
වෘත්තිය සමිති ප්රකාශ කරන ආකාරයට හතරට කැඩෙන ලංවිම ආයතන හතර පුද්ගලික අංශයට පැවරීමේ කුමන්ත්රණයක් ඇති බව ප්රකාශ කරන අතර මාලිමා ආණ්ඩුවට අනුව ඒ ආයතන හතර රාජ්ය සමාගම්ය.
කෙසේවුවද ලබන අයවැයෙන් විදුලිබිල ඉහළ යනු ඇති බවට වෘත්තිය සංගම් අනාවැකි පළ කරන අතර ආණ්ඩුව හොරගල් ඇහිලීම විදුලි පාරිභෝගිකයන්ගෙ හද ගැස්ම තීව්ර කරන බව වෘත්තිය සමිති චෝදනා කරති.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website