වාර්තාවක් පිහිටුවමින් ක්‍රිස්ටියානෝ බිලියනපති වෙයි

සුපිරි පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්රිස්ටියානෝ රොනාල්ඩෝ බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්රීඩකයා බවට පත්වී ඇත.

රෝනාල්ඩොගේ වර්තමාන මූල්යමය තත්ත්වයෙහි ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇති බව බ්ලූම්බර්ග් නවතම බිලියනපතියන්ගේ දර්ශකය වාර්තා කරයි.
පසුගිය ජුනි මාසයේදී 40 හැවිරිදි ක්රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි කණ්ඩායමක් වන අල්-නාසර් සමඟ ඩොලර් මිලියන 400කට වඩා වැඩි වටිනාකමක් සහිත ගිවිසුමක් අත්සන් කළ අතර, ඔහුගේ මෙම මුල්ය ස්ථාවරභාවයට එය හේතුවක් බව සඳහන් වෙයි. එම දර්ශකයට අනුව පසුගිය 2002 සහ 2023 අතර කාලයේ ක්රිස්ටියානෝ රොනාල්ඩෝ ඩොලර් මිලියන 550කට වඩා වැඩි ආදායමක් උපයා ඇත. වර්තමාන පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්රීඩකයා බවට පත් ඔහුගේ වාර්ෂික වැටුප පවුම් මිලියන 177කට වඩා වැඩි බව දැනගන්නට ලැබේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website