පසුගිය 4 දා දිවයින පුරාම අයහපත් කාලගුණික තත්ත්වයක් පැවත අතර ඒ හේතුවෙන් එදින දිවයින පුරා විදුලි බිඳවැටීම් 30,000කට වඩා වාර්තා වුවත් ඒවා ඉක්මනින් යථාවත් කරන්නට ලංවීමට හැකියාව ලැබී නැත.
ලංවීම සේවකයන් අරඹා ඇති නීතියට වැඩ වෘත්තීය ක්රියාමාර්ගය නිසා මෙම විදුලිය බිඳ වැටීම් නිවැරදි කරන්නට ප්රමාද වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ප්රකාශ කරයි.
ලංවීම සේවකයන්ගේ මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට මේවනවිට මාසයක් ගතවී ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්රතිචාර නොමැති නිසා ඉදිරියේදී ද විදුලි බිඳ වැටීම් ඉක්මනින් යථාවත් නොවෙනු ඇති බවත් ලංවීම සේවකයෝ ප්රකාශ කරති.
මේඝ







