‘බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට විරුද්ධව නඩු දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්’ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කරයි.
පසුගිය ඔක්තෝබර් 02දා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ තිදෙනෙකුගෙන් යුතු කොමිසම නඩු දැමීමට තීරණය කරන්නේ නම් තමන් අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරන බවය. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම විමර්ශනය රහසිගතව අවසන් කරමින් සිටින අවස්ථාවක එය මාධ්‍ය මඟින් හෙළි කිරීම නිසා එයින් විමර්ශනයට යම් බාධාවක් සිදුවුණ බවය.
කේ. සංජීව







