ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය සමිති ක්රියා මාර්ගයන් ආරම්භ කිරීමට සූදානම් වන බව වෘත්තීය සමිති නායකයන් ඊයේ(14) පවසා තිබිණ.
ඊට හේතුව වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය කොටස්කර සමාඟම් කිහිපයක් බවට පත්කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධතාව පල කරමිනි.
එලෙසම මෙම තීරණයට විරුද්ධත්වය දක්වමින් වෘත්තීය සමිති මීට සතියකට පළමුව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියා මාර්ගය තව දුරටත් ක්රියාත්මක වන බව ද සඳහන් වේ.
ඒ අතරතුර අද(15) සවස 4.15 සිට සිදූවීමට නියමිත විදුලිය බිඳ වැටීම, යාවත්කාලීන කිරීම සඳහා සේවක මැදහත්වීම් සීමා කරවීමටත් ඇතැමුන් තම රාජකාරිවලින් ඉවත් වීමටත් වෘත්තීය සමිති තීරණයකර ඇති බව සැලය.
දමයන්ති







