සෞඛ්‍ය ඇමතිවරයා හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර සාකච්ඡාවක්

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සමස්ත ලංකා පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සාමාජිකාවන් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙහිදී අවධානයට ලක්ව ඇත්තේ පවුල් සෞඛ්ය සේවාව තුළ පැන නැගී ඇති ගැටලු පිළිබඳවයි.
පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් ද එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් සාධනීව විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අමාත්යවරයා ප්රකාශ කර තිබේ.
ක්ෂේත්ර රාජකාරීවල නිරත වන සෞඛ්ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසූ අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සෞඛ්ය සේවාව ආයතනවලට සීමා නොකොට ක්ෂේත්රයට ගෙන ඒමට කටයුතු කරන අතර එහිදී ක්ෂේත්රයේ රාජකාරී නිසි පරිදි ඉටු නොවුනහොත් සෞඛ්ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද නිසි ප්රතිඵල ලබාගත නොහැකි බවයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website