කැලණිය හුණුපිටිය වේවැල්දූව පාරේ සිදුවූ මාරක රිය අනතුරකින් තෙමසක ගැබිණියක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇත.6 වනදා උදෑසන 11.40ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර BMW රථයක් සහ AQUA වර්ගයේ සුඛෝපභෝගී වාහන දෙකක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. සිය ගැබිණි බිරිඳ සමඟ AQUA වාහනය පැදවූ රියදුරුටද හිසට තුවාල සිදුව ඇති බැවින් ඔහුද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට දෙමාපියන් පියවර ගෙන ඇත.බරපතල අලාභහානි සිදුවී ඇති මෝටර් රථ දෙක කිරිබත්ගොඩ පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර BMW රථය පැදවූ රියදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇතැයි පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.කෙසේ නමුත් සැකකරු සිද්ධියවූ අවස්ථාවේදී එම ස්ථානයෙන් පලායාමට උත්සාහ දරමින් පාරේ ගමන් කල යතුරු පැදියක සහ ත්රීරෝද රථයකට නැග ඇති අතර ගම්වාසීන් වහාම ඔහුව එම වාහන වලින් බිමට ඇද දමා පොලිසිය වෙත භාරදී ඇත. කිරිබත්ගොඩ පොලිසිය බීමත්ව රිය පැදවූ නොහික්මුණු රියදුරු පොලිස් ඇප මත නිදහස් කර යවා ඇති අතර 9 වන අඟහරුවාදා මහර මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට දැණුම්දී ඇත.කෙසේ නමුත් රිය අණතුරකින් කම්පනයට පත් ගැබිණි කාන්තාවගේ රෝගී තත්වය පිළිබඳව නොසලකා හරිමින් බීමත් රියදුරු පොලිස් අත් අඩංගුවෙන් මුදා හැරීම රටේ නීතිය වල් වැද්දීමක් යැයි අනතුරින් තුවාල ලත් පාර්ශවය සහ සිද්ධිය ඇසින් දුටු වේවැල්දූව ප්රදේශයේ ජනතාව පැවසීය.සැකකරු නිරූපන ශිල්පිනියකගේ සමීපතම යෙකු බවද මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි සිද්ධිය ඇසින් දුටු පිරිස පැවසූහ.
කුසුම් එස් හැන්නදි








