බෝරාසමුළුව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් රථ වාහන ගමනාගමනය තුළ සීමාවක් පැනවෙන බවට නිවේදනයක් නිකුත් වී ඇති බව පොලීසිය පවසයි.
බෝරා සමුළුව අද (25) සහ ජුනි 27 සිට ජූලි 05 යන දිනයන්වල බෝරා ආගම අදහන ප්රජාවගේ අධ්යාත්මික නායකයාගේ මූලිකත්වයෙන් කොළඹ කොටුව ඩී. ආර්. විජයවර්ධන මාවතේ ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඉහත දිනයන්හී උදැසන 7.00 සිට රාත්රී 10 තෙක් මරදාන ඩාර්ලි පාර, ගාමිණි වට රවුම, ඩී. ආර්. විජයවර්ධන මාවතට කන්ටේනර් රථ සහ ටිපර් රථ ඇතුළු වීම සීමා කිරීමට සිදුව ඇති බවයි පොලිසිය වැඩ් දුරටත් පවසා සිටින්නේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website